සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි තංගල්ලේ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොතිබූ බව පවසමින් තංගල්ල ධීවර වරායට පැමිණ එහි ධීවරයින්ගෙන් තම නිල රථයට ඩීසල් ලබාගෙන තිබුණා.

ඒ අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමට අවශ්‍ය බව පවසමින්.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට අද දිනයේදී පාර්ලිමේන්තුවට යෑමට අවශ්‍ය බවත් ධිවර වරායට පැමිණ ධිවර යාත්‍රාවකින් තෙල් ඉල්ලා ගත් බවයි.

ඒ කෙසේ වුවත් මන්ත්‍රිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ,

“දිලිප් වෙදආරච්චි මන්ත්‍රීතුමා ධීවර වරායකට ගිහිල්ලා ධීවරයෙක්ගෙන් ඩීසල් ඉල්ලගෙන පාර්ලිමේන්තු යන්න විදිහක් නෑ කියලා. එතුමා අද දවසටම පාර්ලිමේන්තුවට ඇවිත් නෑ. එතුමා හම්බන්තොට ධීවරයින්ගෙන් තෙල් ගහගෙන රට වටේම ඇවිදිනවා.”

මෙන්න බලන්න තවත් පුවත්