ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව බස් රථ සංගම් පවසනවා.

ඒ අනුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුනි 30 සිදු කළ යුතුව ඇති බවත් ඉන්ධන මිල ඉහළ යාමත් හේතුවෙන් 35%ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසන්නේ.

මෙම සංශෝධනය හෙට (27) සිට ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොවුන හොත් බස් ධාවනයෙන් ඉවත්වන බවයි පැවසුවේ.

එසේම මේ වන විට රුපියල් 32 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් පැවසු⁣වේ.

මෙන්න බලන්න තවත් පුවත්