සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමත් සමග බත් පැකට්ටුවක හා තේ කෝප්පයක මිල අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

පෙර දිනයන්ට අද දිනයේදී වඩා පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ එළවළු පළතුරු සහ මාලු මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එළවළු ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා සහ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මිල ගණන්වල ඉහළ යෑමක් සිදුවී ඇති බව වෙළදුන් පවසයි.

කෙසේවෙතත් පසුගිය දිනයන්ට වඩා පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට පැමිණෙන පාරිභෝගිකයින්ගේ වැඩිවීමක් අද දිනයේ දක්නට ලැබුණි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්