ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අධිකරණ නියෝග නොතකමින් රැදී සිටි ඔවුන් කොටුව පොලිසිය විසින් අද (26) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු
පාර්ශවයකට ඇතුළුවීම් වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝගයක් නිකුත් කර සිටියේය.

අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අරගලකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ද ඇති ව තිබෙන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙන බව පොලීසිය වැඩිදුටත් සදහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්