
පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පමණක් සිදු කෙරෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල ඇති පුද්ගලික බස්රථ ඉවත් කර ගන්නා ලෙස පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයට උපදෙස් ලැබී තිබේ.
පුද්ගලික බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්රමාණය ද ඉහළ නංවා තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.