අද (12) දිනයේ සිට ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යුරියා පොහොර තොගය බෙදාහැරීම් කටයුතු ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ ජනරාල් චන්දන ලොකු හේවගේ මහතා පැවසුවේ කිලෝ ග්‍රෑම් 50ක යූරියා මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන් වෙත ලබාදීමට සැලසුමි කර ඇති බව ය.

ඊයේ (11) දිනයේ අදාළ පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් සිදුකළ අතර එම පොහොර නිසි ප්‍රමිතියෙන් යුක්ත බවට තහවුරු කර වෙළෙඳ සහතිකය ද නිකුත් කර තිබේ.

පසුගිය 9 වනදා මෙරටට ළඟා වූ පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති අතර ඒවා බෙදාහැරීම් කටයුතු දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්