හෙට රාත්‍රීයේ පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇති අතර 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගොවි බිම් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

මහ කන්නයට අවශ්‍ය පොහාර ලබාදීමේ වැඩපිළිවෙල සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වෙන්කර ඇති බව අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්