train
 

එළඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 09ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම දුම්රිය ගමන්වාර අද (12) සිට 15 වැනි දා දක්වා ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

අද අලුයම 12.40 ට සහ රාත්‍රී 9.00ට කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 02ක් ක්‍රියාත්මකය.

13 වැනි දා ද අලුයම 3.30 ට, පස්වරු 12.40 ට, පස්වරු 04.40ට, පස්වරු 06.00ට සහ රාත්‍රී 09ට විශේෂ දුම්රිය ගමන්වාර අනුරාධපුරය දක්වා ක්‍රියාත්මක වේ.

අදාළ කාලය තුළ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා ද මගීන්ගේ පැමිණීම අනුව විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්