පොලිස් ගිනි අවිය පත්තුවී නෙළුව උණුසුම් වෙයි
 

නෙළුව පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ වැටලීමක් සිදුකරණ අතරතුර නිලධාරියෙක් සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙක් මියගොස් තිබේ.

පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු මෙලෙස මියගොස් ඇත.

නෙළුව නගර ප්‍රදේශයේ පාලු නිවෙසක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකෙරෙන බවට පොලීසියට ලද තොරතුරක් මත අද (18) සවස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරියෙකුගේ පිස්තොල ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පැවසුවේය.

ඒ මොහොතේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුට වෙඩි වැදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කරයි.

මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වයසැති මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර තවත් සැකරුවන් තිදෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් සොයා මේ වන විට නෙළුව පොලීසිය විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්