මාලඹේ සහ මාවතගම ප්‍රදේශවලදී නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාලබේ හෝකන්දර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී පෙට්‍රල් ලීටර් 100 ක් සමග සැකකරවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදී පුද්ගලයෙකි.

සැකකරුව අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

මේ අතර මාවතගම රෝහල පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිදුකළ සෝදිසියකදී නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ පෙට්‍රල් ලීටර් 9ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. එහිදී එම වෙළඳසැල් හිමිකරු හා එහි සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැක්කරුවන් අවුරුදු 21, 28 සහ 48 වයස්වල මාවතගම පුදේශයේ පදිංචිකරුවන් බව පොලීසය පවසයි.

මෙම පිරිස අද (24) පිලැස්ස මහෙස්ත්‍රාන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්