දින ගණනාවකට පසු පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

මෙම තෙල් තොග පිරවුම්හල් වෙත බෙදා හැරෙන්නේ දැනට ලියාපදිංචි වී ඇති දස ලක්ෂයකට අධික ජාතික ඉන්ධන අවසරපත නිරවුල් කිරීමෙන් පසුව වන බව සදහන් වේ.

ඉන්ධන නිකුත් කිරීම ජූලි 21 වැනිදා ආරම්භ වන අතර එය QR කේතය සහ වාහනවල අංක තහඩුවල අවසන් අංකයට අනුව සිදු කෙරෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ (FSOA) සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් එදින සිට ඉන්ධන නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බැවින් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්