පුතා බලන්න ගිය අම්මා ඇළේ ගසාගෙන ගිහින්
 

දෙදරු මව බේරා ගැනිමට හැටන් පොලිස් නිලධාරින් සමත්වෙයි.

දික්ඔය ඇළේ ගසාගෙන ගිය මවක් බේරා ගැනිමට හැටන් පොලිස් නිලධාරීන් සමත්ව තිබේ. දෙදරු මවක් වන ඇය’ කාසල්රි ජලාශයට හැටන් ප්‍රදේශයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි ගසාගෙන විත් ඇත.  අනතුරුව ගලක් මත රැඳී සිට ඇත. ඒ අනුව අද (03) දින ඇය බේරා ගැනීම සිදුකර තිබේ.

හැටන් දික්ඔය වතුයායේ පදිංචි ඇය’ අළුයම අවදි වී දික්ඔය වනරාජා වතු යායේ තම පුතාගේ නිවසට යාම සදහා දික්ඔය ඇළ තරණය කිරිමට ගිය අවස්ථාවේ දික්ඔය ඇළෙහි සැඩ පහරට හසු වී ඇත. අනතුරුව පහළට ගසාගෙන යන විට දික්ඔය ඇළ අසළ පදිංචිකරුවන් මෙන්ම හැටන් පොලිසියේ නිලධාරින් වහාම ක්‍රියාත්මක වි දෙදරු මව බේරාගෙන තිබේ.

අනතුරුව හැටන් පොලිසියේ නිලධාරින් විසින් දෙදරු මව පදිංචි නිවසටම ගොස් නැවත භාර දිමට පියවර ගෙන ඇත. කෙසේ නමුත් හැටන් පොලිස් නිලධාරීන් සඳහන් කරන්නේ මව මානසික රෝගි තත්ත්වයකින් පෙලෙන අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවය.

මෙන්න බලන්න තවත් පුවත්