සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබාගැනීමට සිකුරාදා දිනය වෙන්කර තිබෙන බව පවසා තිබුනද දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් අතරින් නම්කරන ලද පිරවුම්හල් අසළ සෞඛ්‍ය සේවකයින් රැසක් එක්රැස්වී සිටිනු දැකිය හැකි විය.

ඇතැම් පිරවුම්හල් වෙත මේ වනතෙක් ඉන්ධන තොග නොමැතිව වසා තැබීම හේතුවෙන් එම සෞඛ්‍ය කාර්යමණ්ඩලයට තවදුරටත් පෝලිම් තුළ කාලය ගතකිරීමට සිදුව ඇත.

මේ හේතුවෙන් ඔවුන් අනුයුක්ත රෝහල්වල වැඩකටයුතුවලට බාධා එල්ලවී තිබේ.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය අනුර විතාරණ මහතා පැවසුවේ තමන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම පීඩාවන් හේතුවෙන් දැඩි කළකිරීමකට ලක්ව ඇති බවය.

කොරෝනා වසංගත කාලයේදී පවා දැඩි කැපකිරීමකින් යුතුව සේවයේ නිරත වූ වෛද්‍යවරුන් වෙත හෝ නිසිලෙස ඉන්ධන ලබාදීමට අපොහොසත් වීම හරහා සාමාන්‍ය රෝගී ජනතාව බරපතළ පීඩාවකට ලක්ව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්