උතුරු පිලිපීනයේ ආබ්‍රා ප්‍රදේශයට බලපෑ භූමිකම්පාවක් හේතුවෙන් සැලකිය යුතු දේපළ හානි ප්‍රමාණයක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව දක්වමින් අල් ජසීරා පුවත් සේවය වාර්තා කර සිටින්නේ එරට වේලාවෙන් අද (27) පෙරවරු 8:43 ට පමණ සිදුව ඇති මෙම භූමිකම්පාව රික්ටර් පරිමාණයේ 7.1 ක අගයක් ගෙන ඇති බවයි.

මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, සැතපුම් 400 කට පමණ ඈතින් සිදුවූ මෙම භූමිකම්පාව මැනිලා අගනුවරටද දැනී ඇත.

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්