අද (27) දිනයේ සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම කලින් දින හා වේලාවක් වෙන්කර අයදුම්කරුවන් වෙත පමණක් සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම් පියවරක් ලෙස එම තීරණය ගෙන ඇති බවත් එමෙන්ම ඉතා හදිසි අවශ්‍යතාවයන් සඳහා විදෙස්ගත වන අයදුම්කරුවන් සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක කර තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

එම හදිසි අවශ්යතාව සනාථ කරන ලියණියවිලි 070 631 17 11 යන වට්ස්අප් අංකය වෙත යොමු කිරීමෙන් ඔවුන් වෙත අයදුම්පත් භාරගැනීම සඳහා කඩිනමින් දිනයක් සහ වේලාවන් ලබා දෙන බව ආගම හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්