2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කළ අය අදටත් දේශපාලනයේ නියැලෙමින් පොලිස් නිලධාරීන් පරිදි සේවය කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කොට තිබේ.

මුතුවාල් ශාන්ත ජේම්ස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් පැවති උත්සව සභාවේදී දේශනයක් පවත්වමින් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස රටේ ප්‍රබල පුද්ගලයන් සිටි නිසා එහි සත්‍යය යට ගසා ඇති බවයි.

කෙසේ වෙතත්, කතෝලිකයන් වශයෙන් අපට යුක්තිය ඉටු වන ලෙස දිගටම යාච්ඥා කිරීමට සිදුවනු ඇති බව හිමිපාණන් වැඩිදුරටත් කියා සිටී.

එමෙන්ම බොරැල්ල සර්ව සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ තිබී අත්බෝම්බයක් ගොඩගැනීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර නොමැති බව පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ එම දේවස්ථානයේ අත්බෝම්බය තබා තිබුණේ පසුගිය ආණ්ඩුවේ සිටි බලවතුන් සහ ආරක්ෂක අංශවල අය බවයි. එහිදී භාරකරුවන් ඇතුළු අහිංසක මිනිසුන් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ට පහරදුන් අතර ඇතැම් ලියකියවිලිවලට අත්සන් තැබීමට බලකර තිබෙන බවත් හිමිපාණන් වැඩිදුරටත් කියා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්