පාසල් ළමුන්ගේ ප්‍රවාහනය සඳහා නව බස් රථ සේවාවක් එළඹෙන අගෝස්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩ මහතා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු විසින් කියා සිටියේ  පොදු පාසල් සේවාවක් ලෙස ආරම්භ කරන මෙම බස් රථ සේවාව බාවිත කරන   පාසල් දරුවන්ගෙන් අය කරනු ලබන්නේ සාමාන්‍ය බස් ගාස්තු වන බවයි.

එමෙන්ම බස්රථ 40ක් පමණ අගෝස්තු මස පළමුවෙනිදා සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද, කොළඹ ප්‍රධාන පාසල් සහ ගම්පහ, කළුතර, හොරණ, හෝමාගම, මහරගම වැනි ප්‍රදේශ වල ප්‍රධාන පාසල් සහ ඒ අවට තිබෙන පාසල් සඳහා මූලික වශයෙන් මෙම ව්‍යාපෘති ආරම්භ කරන බවද  ඔහු සඳහන් කරන්නට යෙදුනි.

වැඩිදුර තොරතුරු 1955 ක්ෂණික ඇමතුම් අංකය මගින් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව පවතී.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්