GIRL WEB
 

අවිස්සාවේල්ල සහ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් සහ සිසුවියක් අතුරුදන්වීමක් පිළිබඳව පොලීසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

ඒ අනුව අවිස්සාවේල්ල, කොටගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවකු අතුරුදන්වීම සම්බන්ධව පැමිණිල්ලක් අවිස්සාවේල්ල පොලිසියට ලැබී ඇත. පාසල් සිසුවාගේ දෙමාපියන් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ සිය දරුවා නිවෙසට නොපැමිණි බව පවසායි.

අතුරුදන් වූ සිසුවිය කිහිපදෙනකු අතින් අ#ප#යෝජනයට ලක්වෙලා

මේ අතර 16 හැවිරිදි කල්මුණේ ප්‍රදේශයේ පරිවාස භාරයේ සිටි දැරියක් පෙරේදා (29 වැනිදා) සිට අතුරුදන්වී ඇතැයි කල්මුණේ පොලිසිය පවසයි. අම්පාර, නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතුරුදන් වූ සිසුවිය මීට පෙරදී පුද්ගලයන් කිහිප දෙනකු විසින් අ#ප#යෝජනයට ලක්වීම නිසා අධිකරණය විසින් පරිවාස භාරයට යොමුකර තිබුණි.

පරිවාස පාසලේ භාරකරු පොලිසියට දැනුම් දී තිබෙන්නේ ඇය පෙරේදා දිවා ආහාරය ගැනීමෙන් පසුව පස්වරු 2.30 ට පමණ අතුරුදන්වී තිබෙන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්