පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ සුමන්තිරන්ගේ ආරක්ෂකයෙකු වෙඩි තබාගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්ය ප්රකාශක ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ හමුදා සෙබළෙකු බවයි.

මන්ත්රීවරයාගේ නිවස පිහිටි වැල්ලවත්ත ප්රදේශයේ ඉඩමක් ආසන්නයේ දී ඔහු මෙලෙස වෙඩි තබාගෙන තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වලපනේ ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි හමුදා සෙබළෙකු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔහුට අයත් රාජකාරී ගිනි අවියකින් මෙලෙස වෙඩි තබාගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්