ප්රවීන රංගන ශිල්පිනි සුමනා අමරසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (04) ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මියයන විට ඇය 74 වැනි වියෙහි පසුවූවා.

“පිපෙන කුමුදු” චිත්රපටයේ ප්රථම රංගනය ඉදිරිපත් කළ ඇය මෙරට ජනප්රිය නිළියක්. ඇය සුනේත්රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි වැනි චිත්රපටවලින් ජනප්රියත්වයට පත් වුවා.

මීට අමතරව රෑන ගිරව්, මේ දෑස කුමටද, සුදු පරවියෝ, කඩවුණු පොරොන්දුව වැනි චිත්රපට ගණනාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා.

මෙන්න බලන්න තවත් පුවත්