රුසියාවෙන් රත්‍රං ආනයනය තහනම් කිරීමට ලොව රටවල් කිහිපයක් තීරණය කර ති‍බෙනවා.

යුක්‍රේනය තුළ යුද මෙහෙයුම් සිදුකිරීමට රුසියාව දරණ වියදම් කපාහැරීමේ අරමුණින් මෙය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව සහ ජපානය එම රටවල් අතරට අයත් වෙයි.

“පුටින්ගේ යුද යාන්ත්‍රණයේ හදවතටම එල්ල කළ ප්‍රහාරයක්” ලෙසින් එක්සත් රාජධානිය මෙම පියවර හඳුන්වා දෙයි.

2021 වර්ෂය තුළ දී රුසියාව අමෙරිකානු ඩොලර් බිලියන 15.4ක වටිනාකමකින් යුත් රත්‍රං අපනයනය කර තිබෙනවා.

ඉහත රටවල් 4ම G7 රටවල් අතරට අයත්වන අතර ජර්මනියේ දී G7 සමුළුව ආරම්භ වීමට පෙර මෙම පියවර ගැනීමත් විශේෂත්වයක්.

මේ අතර, අමෙරිකාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් මේ වන විට රුසියානු ජාතිකයන් හා ආයතන දහසකට වැඩි ප්‍රමාණයකට එරෙහිව සම්බාධක පනවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

නවතම පියවර තුළින් එක්සත් රාජධානිය, රුසියාවෙන් සිදුකරන පවුම් බිලියන 13.5ක ආනයන කප්පාදු කෙරන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනනේ.

මෙන්න බලන්න තවත් පුවත්