දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබෙනවා. ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට පුවරුද ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ,

ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි පැතිර යන රාවයත් සමග ඊයේ දිනයේ මෙන්ම අද දිනයේත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැබුණා. එම රාවයන් හේතුවෙන් ඇතැම් පිරිවුම්හල්ද තොග සඟවා ඉන්ධන නොමැති බවටද පුවරු ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමණාකරුවන්ට උපදෙස් ලබාදුන් බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ.

මේ වනවිට අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියා ජනතාවට දැනුම් දෙන්නේ.

ඩීසල් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,000ක් බැගින් වූ නෞකා දෙකක් ලබන 18 වනදා සහ 19 වනදා මෙරටට ළගාවීමට නියමිතව තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්