
අද දිනයේ (15) සවස 02.00 සිට හෙට (16) පෙරවරු 06.00 දක්වා පැය 16 ක කාලයක් ගම්පහ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අනූව ගම්පහ මහනගර සභා සීමාව, කොළඹ – නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට අලුත්ගම, බෝගමුව පල්ලිය පාර දක්වා වන ප්රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.