weather
 

අද (03) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත.

එසේම උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තද සුළං ඇතිවිය හැකි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසයි.

මෙන්න බලන්න තවත් පුවත්