එක්සත් රාජධානිය, ප්‍රථම වතාවට 40C (104F) ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) අනතුරු ඇඟවූයේ ඉදිරියේදී මෙය තවත් දරුණු විය හැකි බවයි.

මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස හේතුවෙන් තාප තරංග නිතර නිතර  තීව්‍ර වී ඇති අතර මෙය දිගු කාලයක් පවතිනු ඇති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

මහාද්වීපය පුරා ඉතාමත් දරුණූ ලෙස ලැව්ගිනි පැතිර තිබුණ බවත් නැගෙනහිර ලන්ඩනයේ වෙනින්ග්ටන් ප්‍රදේශයේ ඇති වූ විශාල ලැව් ගින්නකින් නිවාස , පල්ලි ඇතුලු ස්ථාන රැසක් විනාශ වී ඇති බවත් ගිනි නිවන භටයන් සියගණනක් ලන්ඩනය පුරා පැතිර ඇති ගින්න මැඩපැවැත්වන බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.

එමෙන්ම මේ වනවිට පුද්ගලයන් 34,000 කට පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීම ද සිදු වෙමින් තිබේ.

 

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්