නොමිලේ භූමිතෙල් බෙදාදීමක් අද දිනයේ
 

මහරගම දෙහිවල පාරේ ලංගම ඩිපෝව ආසන්නයේ පිහිටා ඇති හයිවේ එන්ට(ර්) ප්‍රයිසස් නම් ඉන්ධනහල මගින් ජනතාවට නොමිලේ භූමිතෙල් බෙදාදීමක් අද (25) සිදුවිය.

අදාළ ඉන්ධනහලේ හිමිකරු එම්. ඩී. එස්. පෙරේරා මහතා සඳහන් කළේ ජනතාවගේ පීඩාවලට යම් සහනයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය. මේ අනුව භූමිතෙල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් ඉන්ධනහල අසලට රැස්වී තිබෙනු දැකගත හැකි විය.

තවද එහි සිටි කාන්තාවක් සහ දරුවෙක් ද හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බිම ඇදවැටී තිබුණි.

මේ අතර ඉංගිරියේ ඌරුගල සිපෙට්කෝ ඉන්ධනහලේ හිමිකරු ද ඉන්ධන ලබාගැනීම සඳහා එහි පෝලිම්වල රැඳීසිටි ජනතාවට දිවා රාත්‍රී දෙකෙහිම ආහාර ලබාදීමක් සිදුකර තිබුණි.

එහි හිමිකරු හිමිකරු කැලුම් ප්‍රසන්න මහතා සඳහන් කළේ ජනතාවගේ අපහසුතාවය තේරුම් ගෙන තමන් මෙම ක්‍රියාව සිදුකළ බවය.

මෙන්න බලන්න තවත් පුවත්