2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම නෙත්මි අහිංසා ප්‍රනාන්දු ඊයේ (05) දිනා ගැනීමට සමත් වී තිබුණි.

මල්ලවපොර කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේදී ඇය එම තරගය ලකුණු 10 ට 0 ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගෙන තිබූ අතර මෙහිදී ඇය සමගින් තරග වැදුණේ ඔස්ට්‍රේලියාවේ අයිරින් සිමියෝනිඩිස් ය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් සිව්වන පදක්කම ද මෙය වන අතර මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු සහ එකම පදක්කම වීමත් විශේෂත්වයකි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්