මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු සහ දෙස් විදෙස් මුදල් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් වයස අවුරුදු 25, 31, 41, 51 යන වයස්වල පසුවන වැල්ලවත්ත, කොළඹ 15, අළුත්කඩේ සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

පසුව, පිටකොටුව සහ මාලිගාවත්ත ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ වැටලීමක දී අදාළ සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගැනුණා.

ඉන්අනතුරුව, එම සැකකරුවන් පොලිසිය වෙත භාර දුන් බවයි වාර්තා වෙන්නේ.

එලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබූ ශ්‍රි ලංකා රුපියල් එක් කෝටි අසූහය ලක්ෂ අනූපන්දහසක් (18,695,000.00) සහ රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් පොලිස් භාරයට පත්ව තිබෙනවා.

ඒ අනුව, ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 16ක්, ඉන්දියන් රුපියල් 20 නොට්ටු 06ක්, කුවේට් ඩිනාර් 01 නොට්ටු 07ක්, කටාර් රියාල් 100 නෝට්ටු 01ක්, සිංගප්පුරු ඩොලර් 50 නෝට්ටු 01ක්, ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 09ක් සහ යුරෝ 200 නෝට්ටු 01ක ප්‍රමාණයක් මෙහිදී පොලිස් භාරයට ගැනුණා.

මුදල් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ටාශය වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්