හෙට (21) පෙරවරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසයි.

පසුගිය 14 වනදා සිදුවූ හිටපු අටවන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 10 ට පමණ ආරම්භ වූ අතර එහිදී ප්‍රකාශිත වලංගු ජන්ද 219 ක ප්‍රමාණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා 134 ක ජන්ද ප්‍රමාණයක් ලබා අභිනව ජනාධිපති වරයා ලෙස දිවුරුම් දීමට සුදුසුකම් ලැබීය.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්