නව අමාත්‍ය මණ්ඩලයට සජබයෙන් කිසිවෙක් යෝජනා කරන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

නව අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් කිසිවෙකු නම් නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යළිත් ලිපියක් යොමුකරමින් දන්වා තිබෙනවා.

අගමැති ධුරයේ වැඩ භාර ගැනීමට තමන් කැමති බවට මුල් වරට දැනුම්දෙනු ලැබුවේ ඊයේ (12) දින බව ද ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි බව ද ඔහු එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනා කරන විට එම ධුරය භාර ගැනීමට කැමැත්තක් නොමැති බව ප්‍රකාශ නොකළ අතර ජනාධිපතිවරයාගේ ආරාධනය පිළිබඳ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තීරණය දැනුම්දෙන බව පමණක් ප්‍රකාශ කළ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

ලිපිය පහතින්

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්