ආණ්ඩුව පලවාහැරිමේ දෙවන රැල්ල සුනාමියක් මෙන් ඉදිරියට ගෙනඑන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අම්බලන්තොට පැවැති විරෝධතාවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

“ජනපීඩක ආණ්ඩුව පන්නමු” මැයෙන් ජාතික ජන බලවේගය එය සංවිධානය කර තිබුණා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට මල්පෙත්තා මන්සංධියෙන් අරම්භ වු විරෝධතා පාගමන අම්බලන්තොට නගරය දක්වා ගමන් කළා.

පාගමන අවසානයේ විරෝධතා රැලියක් ද පැවැත්වුණා.

මෙන්න බලන්න තවත් පුවත්