
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සංදේශ බද්ද ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දී තිබේ. මේ අනුව 11.25% ව පැවති විදුලි සංදේශ බද්ද 15% ක් දක්වා ඉහළ නැංවෙන බව එම කොමිසම සඳහන් කරයි.
එබැවින් දුරකථන ඇමතුම් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ නැංවෙනු ඇති.
වැට් බද්ද හෙවත් එකතු කළ අගය මත බද්ද 8%ක්ව තිබුන අතර එය 12% දක්වා ඉහළ නැංවීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු 08%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පැවසීය.
කෙසේ නමුත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ද බලනොපාන අතර වැට් බද්ද අනුව එම ගාස්තු සියයට 4කින් ඉහළයාමට නියමිතය.