දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

දුම්රිය ගාස්තු සංශෝධනයට විරෝධය පලකිරිමක් ලෙස ඊයේ (23) සවස 6.00 සිට ඔවුන් පැය 48 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

ඒ පිළිබද අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ සංශෝධනය වූ ගාස්තු චක්‍රලේඛයේ ගැටලු රැසක් පවතින බවයි.

දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී , ධම්මික ජයසුන්දර මහතා පවසයි.

ඊට එරෙහිව ක්‍රියාකරන සේවකයින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්