
අමතර දුම්රිය ගමන්වාර සහ දුම්රිය මැදිරි සංඛ්‍යාව කඩිනමින් වැඩි කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවසුවේ, නුවර – ගාල්ල දක්වා නව අන්තර් නගර දුම්රිය ගමන් වාර ආරම්භ කරන බවත් ඊට අමතරව අනෙකුත් ගමනාන්ත කරා යන දුම්රියවල ධාරිතාව වැඩි කිරීමට හෝ නව දුම්රිය හඳුන්වා දීමට ද කටයුතු කරන බවයි.
බස් ගාස්තු ඉහළ යාමත් සමග දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ එම පියවර ගත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ.