මාතර දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනයට ගමන් ආරම්භ කළ සාගරිකා දුම්රියට ගොඩවීමට උත්සාහකල තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (17) රාත්‍රියේ’ දුම්රියට ගොඩවීමට තරුණයා උත්සාහ දරා තිබෙන අතර ඉන් ඇදවැටීමෙන් ඔහු මියගොස් ඇත.

වාර්තාකරු සඳහන් කරන්නේ දුම්රියත් දුම්රිය වේදිකාවත් අතර සිරවී සිටි මෙම තරුණයා පිටතට ගැනීමට පැයක පමණ කාලයක් ගතවී ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ රූසර විතානගේ නමැති 23 හැවිරිදි දික්වැල්ල වැව්රුකන්නල ප්‍රදේශයේ තරුණයෙකි.

මාතර නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක රැකියාව කළ ඔහු රැකියාව අවසන් වී සිය නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්