අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මැයි මස 23 වන දිනයේ සිට රාත්‍රී කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුවුයේ නැත. කෙසේ නමුත් අද (02) දිනයේ සිට යළිත් වරක් දිවයින පුරා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මේ අනුව අද දිනයේ සිට ලබන 04 වන දින දක්වා රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එය අද සහ හෙට (03) යන දෙදින තුළ දිවා කාලයේ පැයක් මෙන්ම රාත්‍රී කාලයේ පැයක් වශයෙන් පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුවෙයි.

තවද ජුනි මස 4 වන දින රාත්‍රී කාලයේ පමණක් පැයක විදුලි කප්පාදුවක් සිදුවන අතර ජුනි මස 05 වන ඉරු දින විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ද තීරණය කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්