
වයස අවුරුදු 15ක දරුවෙකුව කිඹුලෙකු ඩැහැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වේ.
සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ ඊයේ (27) දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවෙකු ව එලෙස කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ බව පොලීසිය පවසන්නේ.
සාම්පූර් පොලීසිය සඳහන් කළේ පොලිස් නිලධාරීන්, නාවික හමුදාව හා ප්රදේශවාසීන් එක්ව දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවයි.