සිහිසුන්ව ඇදවැටී සිටි ශ්‍රී ලාංකික වයෝවෘද්ධ යුවළක් අද (27) දකුණු ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙරළතීරයේ දී එරට පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම යුවළ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට ඉන්දියාවට පළාගොස් ඇති බවට අනාවරණය තිබෙන බව දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට පොලිසිය කරන ප්‍රශ්න කිරීම් වලදී සැකකාර යුවළ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අපහසුතාවයන්ට මුහුණදීමට නොහැකි බැවින් ඔවුන් දෙදෙනා බෝට්ටුවක නැගී ධනුෂ්කෝඩි දක්වා පැමිණි බවය.

ඒ අනුව දකුණු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම යුවළ එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මේවනවිට ශ්‍රී ලාංකිකයින් 100කට ආසන්න සංඛ්‍යාවක් ධනුෂ්කෝඩි හා රාමේශ්වරන් ප්‍රදේශ වෙත පළාගොස් ඇති බවත් ඔවුන් දකුණු ඉන්දීය සරණාගත කඳවුරු වෙත යොමුකොට ඇති බවත් දකුණු ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්