මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ, සභාපති තුෂාර ප්‍රියදර්ශන මහතා සඳහන් කරයි.

මීට මාස කිහිපයකට පෙර තේ දලු කිලෝ එකක මිල රුපියල් 100 ත් 130 ත් පැවති බවත් රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී ඇති බවත් ඔහු කියා සිටී.

එමෙන්ම තේ දලු අස්වැන්නේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්