tea
 

විදුලි අර්බුදය මෙන්ම ඉන්ධන නොමැති වීම හේතු කොට ගෙන තේ කම්හල් හිමියන් ගැටළු රැසකට මුහුණපා තිබේ. තේ කම්හල් හිමියන් පවසා සිටින්නේ මෙම තත්වය නිසා නිෂ්පාදන වියදම ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අතර තේ නිෂ්පාදනය කිරිමේ දි බරපතල ගැටළු රැසකට මුහුණදිමට ඔවුනට සිදුවී ඇති බවය.

ඒ අනුව ඔවුන් පවසන්නේ පවත්නා තත්වය හේතු කොට ගෙන ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක නිමි තේ නිෂ්පාදනයක් කිරිමට ද බාධා එල්ල වී ඇති බවයි.

ඉන්ධන නොමැති නිසා තේ කම්හල් හිමියන් දැඩි අසීරුතාවයක

ජෙනරේටර් යොදාගෙන තේ කම්හල් ක්‍රියාකරවිමට වත් අවශ්‍ය’ ඩිසල් හිගකම ඒ සදහා බාධාවක් වී තිබෙන බව ඔවුන් සඳහන් කරයි.

තවද පොහොර හිඟකම මෙන්ම තිබෙන පොහොර වල මිල ගණන් ද ඉතා ඉහල වීම නිසා අමු තේ දළු සැපයුම අඩුවිම නිසා තේ කම්හල්වල ධාරිතාවයද අඩුවී ඇති බවද තේ කම්හල් හිමියන් පවසති.

ඉන්ධන අර්බුදය, නිසා තේ කම්හල් සදහා දර ප්‍රවාහනය කරනු ලබන දර සැපයුම්කරුවන්ද ගැටළු රැසකට ලක්ව ඇති බැව් තේ කම්හල් හිමියන් පවසති. භාණ්ඩ ප්‍රවාහන වියදම ඉහල යාම, ඇසුරුම් ද්‍රව්‍ය තේ පොහොර ඇතුළු අනිකුත් යෙදවුම් මිල ගණන් ඉහලයාම නිසා මෙරට තේ කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවද තේ කම්හල් හිමියන් පෙන්වා දෙයි.

 

මෙන්න බලන්න තවත් පුවත්