
වහා ම ක්රියාත්මක වන පරිදි පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීම නතර කළ බව ලංකා අයි.ඕ.සී. සමාගම සදහන් කරයි.
සැලසුම් කර ඇති විරෝධතාව සැලකිල්ලට ගනිමින් ඉන්ධන සැපයීම නවත්වන ලෙස ලංකා අයි.ඕ.සී. සමාගමට උපදෙස් ලැබී ඇති බව එහි කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කරයි.
ඒ අනුව, අද (ජූලි 8) සහ හෙට (ජූලි 9) දිනයේ ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ කර්මාන්ත සඳහා බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කරයි.
යළිත් ඉරිදා (ජූලි 10) සිට ඉන්ධන සැපයීමේ මෙහෙයුම් ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පවසයි.