වැල්ලවත්ත වෙරළාරක්ෂක කඳවුර ආසන්නයේ මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් මත අද උදෑසන මළ සිරුර සොයා ගෙන තිබේ.

අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන මිය ගිය පුද්ගලයාගේ සිරුරෙහි තුවාල කිසිවක් ඇති බවට නිරීක්ෂණය නොවන බව පොලිසිය පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්