පවතින කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය මත පාසල් වසා දමන්නේ ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.

විදුහල්පතිවරුන්ගේ සභාපතිත්වයෙන් ඉකුත් ජනවාරි මස සිට පත් කර ඇති මෙම කමිටුවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ද ග්‍රාම නිලධාරි මෙන් ම දෙමව්පියන් ද ඇතුළත් වන බවත් ලේකම්වරයා කීවේය. මෙම කමිටුව ඕනෑම අවස්ථාවක කැඳවීමේ බලය විදුහල්පතිවරයාට ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හදිසියේ නිකුත් කරන නිවේදනයකදී හැර අන් සියලුම අවස්ථාවන්හි දී කොවිඩ් වයිරසයට අදාළව පාසල් ක්‍රියාත්මක කළ යුතු වන්නේ මෙම කමිටුවේ තීරණ මත යැයි ද ලේකම්වරයා කීවේය. පාසල් වසා දැමීම ක්ෂණිකව කළ හැකි වන නමුත් යළි ආරම්භ කිරීම පහසු කාර්යයක් නොවන බව මහාචාර්යවරයා සඳහන් කළේ.

මේ අතර පාසැල් කිහිපයක ළමුන් සහ ගුරුවරුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමහේතුවෙන් ත්‍රිකුණාමලය කොට්ඨාශයට අයත් සියලුම පාසැල් සතියක පමණ කාලයක් වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් තීරණය කර තිබෙනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්