ඊයේ (31) උදෑසන නොරොචෝලය, කරඹ පාලම අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබේ.

එලෙස වෙඩිතබා ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයකුට ය. අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලගලයා මේවන විට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

ඉඩම් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් සහෝදරයා විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩිතැබීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොරොචෝලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්