උඩුගම්පොල, කෙහෙල්බද්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.

අද උදෑසන 10.20ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවත් වෙඩි තැබීමෙන් කොණ්ඩා කපන ස්ථානයක රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙන බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්