ඊයේ (16) රාත්‍රියේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට ළඟා වී තිබේ.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පැවසුවේ, අදාල නෞකාවේ ඩීසල් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර ඇති අතර ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු නව තෙල් තොග බෙදාහැරීමේ කටයුතු සිදු වන්නේ නොමැති බව සදහන් වේ.

ඊයේ දිනයේ ද තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළගා වූ අතර එහි තොග ගොඩබෑමේ කටයුතු ද ආරම්භ කර තිබේ.

මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවසුවේ, පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 18 හෝ 19 යන දිනවල දිවයිනට ළඟා වනු ඇති බවයි.

මෙම සියලු ඉන්ධන නෞකා සඳහා මුදල් ගෙවා අවසන් බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙන්න බලන්න තවත් පුවත්