එළඹෙන හජ් වන්දනාව වෙනුවෙන් සහභාගි වීමට නියමිත ශ්‍රී ලාංකිකයන්හට රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය බාධා මතුකර තිබේ. කෙසේ නමුත් සෞදි අරාබිය පසුගිය සතියෙ හජ් වන්දනාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් 1585 දෙනකුට අනුමැතිය ලබාදී ඇත.

මෙම හජ් වන්දනා චාරිකා වෙනුවෙන් අවම තරමින් ඩොලර් මිලියන 6.3 ක් පමණ වැයවනු ඇතැයි සංචාරක සංවිධායකයන් ගණන් බලා ඇත. ඒ අනුව රුපියල් කෝටි 220 ක් පමණ වියදම් වනු ඇතැයි පැවසෙයි.

සංචාරක සංවිධායකයෝ අනතුරු අඟවනු ලබන්නේ මූල්‍ය අර්බුදය හේතුවෙන් මේ වනවිට ඇස්තමේන්තු ගත කර තිබෙන වන්දනාකරුවකු වෙනුවෙන් වූ ඩොලර් 4000 ක් පමණ වන වියදම ඩොලර් 6000 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවටය.

මේ අනුව මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම හජ් සංචාරක සංවිධායකයෝ මෙම ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසෙයි.

 

මෙන්න බලන්න තවත් පුවත්