2022 ජුලි 09 වන දින පැවති මහජන විරෝධතාවයේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රථම වරට කඩා වැදුණු පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයෙකු උතුරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළුවීම සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය පරණ පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා පිහියක් ළඟ තබාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදීම වැළැක්වීමට ආරක්ෂක නිලධාරීන් උත්සාහ කිරීමේදී ඔහුගේ ගෙල කපා ගන්නා බවට තර්ජනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඔහුගේ ක්‍රියාව නිසා අනෙකුත් විරෝධතාකරුවන්ට ආරක්ෂක බාධක බිඳගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට හැකි වූ බව පොලිසිය පවසයි.

උතුරු කොළඹ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්