ජාතික ජන බලවේගයේ ඊයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙක් අල්ලාගෙන පොලීසියට භාරදී ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්ක සමුළුව අද පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවකදීයි පැවැත්වුණා.

සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර එම ස්ථානයට පැමිණෙමින් සිටියදී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සඳහන් කර තිබුණේ ඔවුන් සමග 16 දෙනෙකු පමණ පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්