රන්ජන් රාමනායක මහතා මෙවර නිදහස් සමරු දිනය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාගනු ඇතැයි තමාට විශ්වාසයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඒ බව සඳහන් කර සිටියා.

රන්ජන් රාමනායකට නිදහස ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරඇති අතර එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බව තිස්ස අත්තනායක එලෙස විශ්වාසය පළ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක,

“විදුලිබල අර්බුදය ඉන්ධන අර්බුද නිසා රටේ ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වෙලා. බල්ලගේ වැඩේ බූරුවා කරන තත්ත්වයට පත්වෙලා. විදුලිබල ඇමති සිටියදී විදුලි බලය ගැන අදහස් දක්වන්නේ ගම්මන්පිල. එම නිසා මේ රජයට පැහැදිලි වැඩපිළිවෙලක් නෑ. ජනතා ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නැහැ.”

“දැනට රට තුළ පවතින තත්ත්වය මත 2023 වසරේ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ තියෙනවා. එය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ශක්තිමත් කරමින් ඉදිරියේදී කටයුතු කරනවා. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයින් ඉන්නවා. නමුත් ඡන්ද දායකයින් නැහැ. ඒ නිසා ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජන බලවේගය.”

මෙන්න බලන්න තවත් පුවත්